සූරා ආල්-ඉම්රාන්, අල් කුර්ආනයේ 3 වන අධ්‍යාය, 200 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
(අලිෆ්, ලාම්, මීම්) හුරූෆුල් මුකත්තආ නම් මෙම අක්ෂර මාලාවන් පිළිබඳ විමසුමක් සූරා බකරාවෙහි ඉදිරිපත් කෙරිණි. සූරාව ආරම්භ කරනු ලබන හෝ තම ප්රකාශයට සම්බන්ධ කර පවසන මෙවැනි අක්ෂර මාලාවක් සම්පාදනය කොට අල් කුර්ආනයේ ඇති මෙවැනි සූරාවක් ගෙන එන්නට අරාබිවරුන් හට හැකියාවක් නැතැයි යන්න මෙහි නිරූපණය වෙයි.