සූරා අල්-මුජාදලා, අල් කුර්ආනයේ 58 වන අධ්‍යාය, 22 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
(කව්ලා බින්ත් සඃලබා නම්) කාත්තාව ඇයගේ ස්වාමියා (වූ අවුස් ඉබ්නු අස්සාමිත්) පිළිබඳ විෂයයෙහි නුඹ සමග ඇය කළ වාදය ඇයගෙන් හෙළි වූ කල්හි අල්ලාහ් ඇයගේ ප්රකාශයට සවන් දුන්නේය. ඇයගේ සැමියා ඇයට කළ දෑ ගැන ඇය අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියාය. අල්ලාහ් නුඹලා දෙදෙනාගේ වාදයට සවන් දුන්නේය. ඔහුගෙන් කිසිවක් සැඟවිය නොහැක.