සූරා අල්-තගාබුන්

සූරා අල්-තගාබුන්, අල් කුර්ආනයේ 64 වන අධ්‍යාය, 18 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අල්ලාහ්ට සුදුසු නොවන අඩුපාඩු සහිත සියලු ගුණාංගවලින් පිරිසිදු කොට අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම්, ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. රාජ්ය පාලනය ඔහුට පමණක් සතුය. ඔහු හැර වෙනත් පාලකයෙකු නැත. සියලු පැසසුම් ඔහු සතුය. සියලු දෑ කෙරෙහි ඔහු සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැක.