සූරා අර්-රඃද්, අල් කුර්ආනයේ 13 වන අධ්‍යාය, 43 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරති.