සූරා අන්-නිසා

සූරා අන්-නිසා, අල් කුර්ආනයේ 4 වන අධ්‍යාය, 176 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහෝ! මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බියෙන් හා බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ආදි පියා වූ ආදම් නම් ඔහු එක ආත්මයකින් ඔහු(අල්ලාහ්) නුඹලා ව මැව්වේය. ආදම්ගෙන් නුඹලාගේ මව වූ හව්වා මැව්වේය. ඔවුන් දෙපළගෙන් පිරිමින් හා කාන්තාවන් වශයෙන් මිනිසුන් බොහෝ දෙනෙක් මහපොළොවේ විවිධ පැතිකඩවලට ව්යාප්ත කළේය.