සූරා අල්-ෆුර්කාන්, අල් කුර්ආනයේ 25 වන අධ්‍යාය, 77 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
තම ගැත්තා හා දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සත්යය හා අසත්යය වෙන්කර දක්වන අල් කුර්ආනය පහළ කළා වූ අල්ලාහ් උත්කෘෂ්ට විය. අධික ශ්රේෂ්ඨත්වයට පත් විය. එය මිනිස් හා ජින් යන දෙවර්ගයාට ඔහු දූතයකු වනු පිණිස හා ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දනු පිණිසය.