සූරා සබා, අල් කුර්ආනයේ 34 වන අධ්‍යාය, 54 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහස්හි ඇති සියලු දෑ ද, මහපොළොවේ ඇති සියලු දෑ ද, මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. මතුලොවෙහි සියලු ප්රශංසා, සුවිශුද්ධයාණන් වන ඔහුටම සතුය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.