සූරා ඉබ්රාහීම්, අල් කුර්ආනයේ 14 වන අධ්‍යාය, 52 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු.