සූරා ෆාතිර්, අල් කුර්ආනයේ 35 වන අධ්‍යාය, 45 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. ඔහු ඔහුගේ බලාත්මක නියෝග ක්රියාත්මක කරන දූතවරුන් බවට මලක්වරුන් පත් කළේය. නබිවරුන්හට දිව්ය පණිවිඩ ලඟා කළ අය ද ඔවුන් අතර වෙති. කවර කරුණක් විශ්වාසයෙන් යුතු ව ඔවුනට පවරනු ලැබුවේ ද එය ඉටු කිරීම සඳහා ඔහු ඔවුනට ශක්තිය ලබා දී ඇත.