සූරා අල්-අන්කබූත්

සූරා අල්-අන්කබූත්, අල් කුර්ආනයේ 29 වන අධ්‍යාය, 69 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

සැබවින්ම ජනයා, "අල්ලාහ්ව අපි විශ්වාස කළෙමු" යැයි පැවසූ විට ඔවුන් පැවසූ දෑ හි සත්යයභාවය පැහැදිලි කර ගනු වස් ඔවුන් සැබෑ ලෙසින්ම ඔවුන් දේව විශ්වාසීන් දැයි පරීක්ෂා නොකර අත හැර දමනු ඇතැයි සිතන්නෝ ද? කරුණ ඔවුන් සිතන පරිදි නැත.