සූරා අල්-ජුමුආ, අල් කුර්ආනයේ 62 වන අධ්‍යාය, 11 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
අහස්හි ඇති සියලු මැවීම් හා මහපොළොවේ ඇති සියලු මැවීම් අල්ලාහ්ට අදාළ නොවන සියලු ඍණාත්මක ගුණාංගවලින් ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. ඔහු ආධිපත්යයෙන් ඒකීය රජුය. සියලු අඩපාඩුවලින් පිරිසිදු කරනු ලබන්නෙකි. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.