සූරා අල්-මුනාෆිකූන්

සූරා අල්-මුනාෆිකූන්, අල් කුර්ආනයේ 63 වන අධ්‍යාය, 11 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහෝ දූතය! ඉස්ලාමය මතුපිටින් පෙන්වා, දේව ප්රතික්ෂේපය සඟවා ගෙන සිටින කුහකයින් නුඹේ සභාවට පැමිණි විට ඔවුහු, ‘අල්ලාහ්ගේ දූතයාණන් සත්ය බව අපි සාක්ෂි දරමු. ’ යැයි පවසති. සැබැවින්ම නුඹ සත්යක් බව අල්ලාහ් දනී.