සූරා අල්-මුම්තහනා

සූරා අල්-මුම්තහනා, අල් කුර්ආනයේ 60 වන අධ්‍යාය, 13 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! නුඹලා මිතුරුකම් පෑමටත් සෙනෙහස පෑමටත් මාගේ සතුරන් හා නුඹලාගේ සතුරන්ව, මිතුරන් ලෙස නොගනු. සැබැවින්ම නුඹලාගේ දූතයාණන්ගේ දෑතින් නුඹලා වෙත පැමිණි දහම ඔවුහු ප්රතික්ෂේප කළෝය. එම දූතයාව ඔහුගේ නිවසින් පිටුවහල් කළෝය.