සූරා අත්-තීන්

සූරා අත්-තීන්, අල් කුර්ආනයේ 95 වන අධ්‍යාය, 8 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අල්ලාහ් තීන් -අත්තික්කා- මත හා එම ශාක හටගන්නා ස්ථානය මත දිවුරා පවසයි. තවද සෙයිතූන් -ඔලිව්- මත හා එය බහුල ලෙස වැවී තිබූ පලස්තීනයේ ප්රදේශයක් මත ද දිවුරා පවසයි. ඊසා අලෛහිස් සලාම් තුමාව නබිවරයකු ලෙස එවනු ලැබූ දේශය එයයි.