සූරා අල්-හෂ්ර්, අල් කුර්ආනයේ 59 වන අධ්‍යාය, 24 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
අහස්හි හා මහපොළොවේ ඇති සියලුම මැවීම් ඔහුට අදාළ සියලුම ගුණාංගවලින් අල්ලාහ්ව පිරිසිදු කරයි. අල්ලාහ්ට ගරුබුහුමන් දක්වයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ ආගම්ගත කිරීමෙහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.