සූරා අල්-හජ්ජ්, අල් කුර්ආනයේ 22 වන අධ්‍යාය, 78 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කළ දෑ පිළිපදිමින් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය හා බැඳුණු මහපොළොව කම්පනය වීම හා වෙනත් අර්බුද බරපතල කරුණක් වේ. අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු කරමින් ඒ සඳහා සූදානම් වීම අනිවාර්යය වන්නේය.