සූරා අල්-හදීද්

සූරා අල්-හදීද්, අල් කුර්ආනයේ 57 වන අධ්‍යාය, 29 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහස්හි හා මහපොළොවේ ඇති අල්ලාහ්ගේ මැවීම් ඔහු ව සුවි ශුද්ධ කරති. පිවිතුරු කරති. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.