සූරා අල්-මසද්, අල් කුර්ආනයේ 111 වන අධ්‍යාය, 5 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට වධ වේදනා ගෙන දෙමින් කටයුතු කළ බැවින් ඔහුගේ දෑත් විනාශයට පත් වේවා! ඔහුගේ උත්සාහය ද පරාජයට පත් වේවා!