සූරා අල්-අන්ෆාල්

සූරා අල්-අන්ෆාල්, අල් කුර්ආනයේ 8 වන අධ්‍යාය, 75 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහෝ දූතය! ඔබේ සගයින් යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව පිළිබඳවත්, එය ඔබ බෙදන ආකාරය පිළිබඳවත්, එම කොටස් හිමි විය යුතු අය පිළිබඳවත්, විමසති. අහෝ දූතය! ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරු වශයෙන්, 'යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය.