සූරා අල්-හුජුරාත්

සූරා අල්-හුජුරාත්, අල් කුර්ආනයේ 49 වන අධ්‍යාය, 18 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ ප්රකාශයෙන් හෝ වේවා ක්රියාවෙන් හෝ වේවා පෙරටුගාමී නොවනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. සැබැවින් අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය.