සූරා අල්-අහ්කාෆ්

සූරා අල්-අහ්කාෆ්, අල් කුර්ආනයේ 46 වන අධ්‍යාය, 35 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නිකරුණේ නොමැව්වෙමු. ඒ සියල්ල යම් ගැඹුරු ප්රඥාවක් සඳහා සත්යයෙන් යුතු ව මවා ඇත්තෙමු. ඒ අතරින් ගැත්තා ඔවුන්ගේ පරමාධිපති හඳුනා ගෙන, ඔහුට පමණක් නැමදුම් ඉටු කර, ඔහුට කිසිවක් ආදේශ නොකර සිටීම ද එකකි.