සූරා අල්-ෆාතිහා

සූරා අල්-ෆාතිහා, අල් කුර්ආනයේ 1 වන අධ්‍යාය, 7 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි. අල්ලාහ්ගේ අලංකාර නාම අතුරින් නම් තුනක් මෙහි ඇතුළත් වේ. 1. ‘අල්ලාහ්’ එනම්: නැමදුමට සුදුස්සා යන්නය. එය අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ නාමයකි. එය ඔහු හැර වෙනත් කිසිවකුට භාවිත නොකෙරේ. 2.